"ම්‍රෛත්‍රි ජනාධිපතිතුමාට අපේක්ශකත්වය නොලැබුනොත් එතුමා නැවත පොදු අපේක්ශකයා වෙයි."- දුමින්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

"ම්‍රෛත්‍රි ජනාධිපතිතුමාට අපේක්ශකත්වය නොලැබුනොත් එතුමා නැවත පොදු අපේක්ශකයා වෙයි."- දුමින්ද


Loading...
ඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. .ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ, මේ කාරණාව සිහියේ තබා ගන්න, අද අපි මහා බලවේගය නොවුනත් අපි තීරණාත්මක බලවේගය බවට පත් වෙලා තියෙනවා.මහා බලවේගය නොවුන, තීරණාත්මක බලවේගයට වැඩි බලතල ලැබෙයි, වැඩි හයියක් ලැබෙයි,පොහොටිටුව එක්ක හදන සන්ධානයේ ජනාධිපති අපේක්ශකත්වය ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ලැබිය යුතුයි.එහෙම නොවුනොත් එතුමා නැවත පොදු අපේක්ශකයා වී පොහොටිටුවෙ අපේක්ශකයා පරාජයට පත් කරාවී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ  ඊයේ (11) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සමඟ පැවති සාකච්ජාවකදීය.ඉදිරි දේශපාලන කටයුතු හා මැයි දින රැස්වීම පිළිබඳව පසුගිය පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව සංවිධානය කර තිබිනි.
- තුසිත සමරසිංහ.  

No comments:

Post a Comment

Post Bottom Ad