පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආලින්දයේ මේස ලාච්චුවක සර්පයෙක් හමුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 23, 2019

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආලින්දයේ මේස ලාච්චුවක සර්පයෙක් හමුවෙයි

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආලින්දයේ මේස ලාච්චුවක සර්පයෙකු සැගවී සිටියදී සොයා ගැනීම නිසා ඊයේ පෙරවරුවේ එහි ලොකු කලබලයක් (23) පෙරවරුවේ ඇතිවිය.

මේ සර්පයා හමුවී ඇත්තේ මැතිසබයේ කටයුතු ආරම්භ වීමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආලින්දය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කරන ලද අවස්ථාවේදී යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රී ආලින්දයේ ප්‍රයෝජනයට නොගෙන තිබූ මේසයක ලාච්චුක මෙම සර්පයා සැඟවී සිට ඇතැයි කියති. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අනතුරුව මේ සර්පයා දියවන්නා ඔය දෙසට පලවා හරින ලදැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රී ආලින්දයෙන් සර්පයෙකු සොයාගෙන දියවන්නා ඔය දෙසට පලවා හැරී බවයි. සපයාගෙන් කිසිවකුටත් අනතුරක් වී තැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

නයින්, පොළගුන් මාපිලුන් ඇතුළු විෂකුරු සර්ෂයන් රැසක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විවිධ ස්ථානවලින් මීට පෙරද සොයා ගන්නා ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad