මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි !

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් යෝජනා සම්මත කරගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ද එහිදී ඒකමතිකව යෝජනා සම්මත කර තිබේ.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්මතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා බලපෑමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙපාර්ශවයේම එකඟතාව ඉන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාද පසුගියදා කියා සිටියේ පක්‍ෂයේ තීරණය අනුව තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad