වව්නියාව ඕමන්ත ඉලමරදන්කුලම් ප්‍රදේශයේ කැලෑවකින් හමුවූ බෝම්බ සහිත පොහොර උරයක් අද (30) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.
ඉලමරදන්කුලම් කැලෑවට ගිය අයෙකු විසින් මෙම බෝම්බ උරය ඊයේ (29) දින දැක ඒ බව ඕමන් පොලීසියට දැනම් දීමෙන් පසුව අදාල ස්ථානයට ඔම්න්ත පොලිස් නිලධාරීන් ගොස් පරික්ෂා කොට ඇත.
එහිදී ආර.පී.ජී.උණ්ඩයක්ද සමගින් බිම්බෝම්බ 10 කටආසන්න ප්‍රමාණයක් අදාල පොහොර බෑගයේ ඇති බවට සැක කෙරෙන අතර එම බෝම්බ උරය අනාරක්ෂිත හෙයින් එම ස්ථානයෙන් ඉවත් නොකොට ඒ බව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙතට දැනුම් දීමට ඔම්න්ත පොලීසිය විසින් පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල බෝම්බ උරය මෙම ස්ථානයේ සඟවා යන්නට ඇති බවටත් කාලයක් ගතවීමෙන් උරය දිරාපත්වීම හේතුවෙන් උරය තුල තිබූ බෝම්බ ඉවතට වැටී ඇති බවටත් සැකකරන්නේ යැයි පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Sunday, June 30, 2019
ආර්.පී.ජී. හා බිම්බෝම්බ තොගයක් හමුවෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment