කිරින්ද මුහුදේදී රළ පහරට හසුවුන දෙදරු මවත් මිය යයි - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

කිරින්ද මුහුදේදී රළ පහරට හසුවුන දෙදරු මවත් මිය යයි - (photos)

සුගිය 23 දා කිරින්ද වෙරළ තීරයේදී රළ පහරකට හසුවීමෙන් බරපතල තත්වයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඊයේ (29) රාත්‍රියේ ඇය මියගොස් ඇති බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශක කරන්නේ.

ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා ද පසුගිය 22වනදා කිරින්ද මුහුදු තීරයේදී රළ පහරකට හසුවී දියේ ගිලීමෙන් මරණයට පත්වුණු අතර  අසාධ්‍ය තත්වයේ පසුවුනු ඇය තිස්සමහාරාම රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත් ප්‍රතිකාර ලබා දී තිබුණා.

මියගිය හසිනි විජේසුරිය  නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කර ඇති අතර සැමියා සහ දියණියන් දෙදෙනා ඇතුලු පිරිසක් සමග යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතවෙමින් සිටියදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී තිබුනා.

ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු පසුගිය 25 වැනි දින හැටන්  කුඩාගම පොදු සුසාන භුමියේදී සිදු කළ අතර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රියේ හැටන් නිවසේදී සිදු කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad