සමාජ මාධ්‍ය ලොක්කෝ පාර්ලිමේන්තුවට ගෙන්නන්න හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 26, 2019

සමාජ මාධ්‍ය ලොක්කෝ පාර්ලිමේන්තුවට ගෙන්නන්න හදයි

වෛරී සහ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබඳව මතුවී ඇති බරපතල ගැටලුව සඳහා සාමජ මාධ්‍ය නියාමනය කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස අදාළ තැනැත්තන්ගේ සාක්ෂි කැඳවා විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය නියාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ෆේස් බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්, වට්ස්ඇප්, ගූගල් හා ඉමෝ යන සමාජ මාධ්‍යයන්හී වගකිව යුතු ජාත්‍යන්තර විධායක නිලධාරින් සහ අනෙකුත් දේශීය විශේඥයින් මෙම කමිටුව ඉදිරියට කැඳවා සාක්ෂි විමසීමට නියමිත බවද පැවසේ.

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කර වෛරී ප්‍රකාශ හා සාවද්‍ය ප්‍රවෘත්ති ව්‍යාප්ත කරන්නන් පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය කෙලසමින් අපහාස සිදුකිරීම, විවිධ ආයතන හා ව්‍යාපාර නිතී විරෝධි ලෙස අඩාල කිරීමට සහ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වන ආකාරයට අපරාධ සඳහා පුද්ගලයන් පෙළඹවීම සිදුවන බවට එම අධික්ෂණ කාරක සභාවට නිරීක්ෂණය වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad