කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි විරෝධතා.. මැදිහත්වෙන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 24, 2019

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි විරෝධතා.. මැදිහත්වෙන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයි..

යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
වව්නියාව තැපල් කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර යුද්දය අවසන් වී වසර 10 ක් ගත වී ඇතත් සිරකරුවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට රජයන් අපොහොසත් වීම හේතුවෙන් වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටියහ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 885 ක් ගෙවුනද මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තරය හෝ මැදිහත් වී සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad