එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 3, 2019

එජාප අලුත් සන්ධානයනට නායකයන් 10ක්.. ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ එහිදීයි

නිද්දා දිනයේ පිහිටුවීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට දස දෙනකුගෙන් යුතු නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී තිබේ.

මෙම මණ්ඩලයේ සභාපතිත්වය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමටද නියමිතය.
එමෙන්ම එහි වැඩි ඡන්ද බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමට ද යෝජනා වී ඇත.

නව සන්ධානයේ විධායක කමිටුව සඳහා 50 දෙනකු ගෙන් පමණක් සාමාජිකයන් පිරිසක් කිරීමටද ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම සන්ධානයේ අපේක්ෂකයා තීන්දු කිරීම නායකත්ව මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad