පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් සැකකටයුතු ලෙස රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයකුගේ බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහයිල් ඉදිරියේ කරුණු වාර්තා කර තිබෙනවා.
දෙහිවල, ඔෆ්කොරි පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඞ් ෆවුෂාන් නැමැති අයකුට අයත් යකඩ ආශි‍්‍රත නිමැයුම් කර්මාන්තායතනයක් ලෙස පවත්වාගෙන යන අංක 183, 1/2, ගාලුපාර, දෙහිවල ලිපිනයේ පෙරික් ලංකා පුද්ගලික සමාගම නමින් පසුගිය අපේ‍්‍රල් මස 24 වැනිදා National Bank of R. A. K. (P S C), PO 5300, R A S AL KHAMAIL UAE, UAE වශයෙන් සඳහන් විදේශීය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් ලැබී ඇති බවටයි අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ
එසේම සැකකටයුතු ලෙස මෙම සමාගමේ ගිණුමට මුදල් ලැබී ඇති බවත් මොහොමඩ් ෆවුෂාන් නැමැත්තාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික ගණුදෙනු ද අතීශය සැකකටයුතු බවටත් තොරතුරු අනාවරණය වී ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම, පෙරික් ලංකා පුද්ගලික සමාගමේ සහ එහි අධ්‍යක්ෂකවරුන් සම්බන්ධයෙන් සියලුම බැංකු ගිණුම් වාර්තා කැඳවීම සඳහා නියෝග ලබා දෙන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර අදාළ පුද්ගලයින්ට අයත් බැංකු ගිණුම්වලට අදාළ මූල්‍ය වාර්තාවන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස එම මූල්‍ය ආයතනවල කළමණාකරුවන් වෙත නියෝග කර තිබෙනවා.
Saturday, August 3, 2019
Home
ප්රවෘත්ති
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙහිවල ව්‍යාපාරිකයෙකුට අරාබි බැංකුවකින් රුපියල් කෝටියක් !
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙහිවල ව්‍යාපාරිකයෙකුට අරාබි බැංකුවකින් රුපියල් කෝටියක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment