The rally of Badulla - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 8, 2019

The rally of Badulla

මැති සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒක පාර්ශවීයව ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව සජිත් පාර්ශවය විසින් මෙහෙයවන සමාජ ජාල පිටු ඔස්සේ වාර්තා පළ කරමින් ඇත. ඒ අනුව ඒ සඳහා වන ජනරැලිය බදුල්ලේ දී එළැඹෙන 12 වනදා පැවැත්වීමට සූදානම් යැයිද වාර්තාවල දැක්වේ.

මෙම ජන රැලිය සංවිධානය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසිනි.

කෙසේ නමුත් එජාප ජනාධිපති අපේක්‍ෂක කවුරුන්දැයි මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුත්තේ පක්‍ෂ මහ ලේකම්වරයා විසිනි. එනම් ඇමති අකිල විරාජ් විසිනි.


No comments:

Post a Comment

Post Bottom Ad