කතානායක ධුරයෙන් අස්වෙයි.. ජනාධිපතිවරණයට සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 3, 2019

කතානායක ධුරයෙන් අස්වෙයි.. ජනාධිපතිවරණයට සූදානම් !

ර්තමාන කථානායක කරු ජයසූරිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වීමට යන බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කරයි.

එම තනතුරෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ සභානායක තනතුරට පත්වනු ඇති බවත් ඒ සඳහා වත්මන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැමැත්ත පළ කර ඇති බවත් දැක්වෙයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත් වන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට විය හැකි බවද සඳහන්ය.

මේ අතර වාර්තා වන්නේ කතානායක වරයාගේ කාර්යමණ්ඩලයේ සේවය කළ කිහිපදෙනෙකු සභානායක කාර්යාලයට මාරු වීම් ද ලබාගෙන ඇති බවයි.

කතානායකවරයාගෙන් ඉල්ලා අස් වීමේ හේතුවෙන් පුරප්පාඩු වන කතානායක ධූරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම යෝජනා වී ඇතත් ඔහු එම ධුරය භාර ගන්නේ දැයි මෙතෙක් තීරණය කර නැති බවද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad