එක්සත් ජාතික පක්ෂය සහ ඊට සහයෝගය දක්ෂ දක්වන සෙසු පක්ෂ අතර අත්සන් තැබීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ අනිද්දා දිනයේ පිහිටුවීමට විරෝධය දැක්වීමට සජිත් පාර්ශ්වය තීන්දු කර ඇත. ඒ අනුව අදාල ගිවිසුම් අත්සන් තැබෙන අනිද්දා දිනයේ එනම් 05 වැනි දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරියට පැමිණෙන ලෙස දැනටමත් සජිත් පාර්ශ්වය විසින් සිය හිතවාදීන්ට දැනුම් දෙමින් සිටී.
කෙසේ වෙතත් එම උත්සවය සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී පිරිස වර්ජනය කරමු ඇති බවද වාර්තා වෙයි.
නමුත් ඒ කිසිත් නොතකා කලින් යොදා ගත් පරිදිම ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ එදින බිහි කිරීමට නියමිතය.
කලින් එජාප අර්බුද අවස්ථාවන්වලදී සජිත් පේ‍්‍රමදාස පාර්ශවයට විරුද්දව යෙදවුනු සුප‍්‍රකට කුරුදු පොලු බලකාය දැන් නියෝජනය කරන්නේ සජිත් පාර්ශවයයි.

No comments:
Post a Comment