වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයන් නියෝජනය වන පරිදි නැවත පදිංචි වැසියන් පිරිසක් විසින් මෙම වැඩසටහන ඊයේ (05) රාත්‍රිය වන තුරු සංවිධානය කොට තිබූ අතර වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල් ඉදිරිපිටට පොල් දහසක් එකතු කොට දෙවියන්ට කන්නලව් කරමින් පොල් බිඳීම සිදු කෙරිණි.
එහිදී දේව කන්නලව්ව සිදු කරනු ලැබූ වැසියන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙනත් කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් සුදුසුකමක් නොමැති බවටත් එමෙන්ම උතුරු පලාතේ ජනතාවතුල ප්‍රසාදයක් සහ විශ්වාශයක් ඇති එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් වහාම සජිත් ප්‍රේමදාස මහතාට රටේ නායකත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා දිය යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:
Post a Comment