අපේක්ෂකයා සජිත් ‌නො‌වෙයි නම් - සජිත් පිලේ පිරිසක් ගෝටාභයට සහාය දෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

අපේක්ෂකයා සජිත් ‌නො‌වෙයි නම් - සජිත් පිලේ පිරිසක් ගෝටාභයට සහාය දෙයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නම් තමන් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව එම පක්ෂ මාතලේ නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි.

මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් ගණනාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වීමට නියමිත බවයි.

තවත් පිරිසක් කිසිදු කඳවුරකට සහයෝගය නොදක්වන්නට ද තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad