පොදු වේදිකාවට එක්වීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

පොදු වේදිකාවට එක්වීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි !

ණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ පොදු වේදිකාවකට එක්ව විරෝධය දැක්වීමේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වී නැතැයි වාර්තා වේ. මෙවැනි පොදු වේදිකාවල අරමුණ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වැනි දේශපාලන පක්ෂ වලට දේශපාලන බලය ලබා ගැනීම පමණක් බවත්, එවැන්නකට සහභාගි වීම ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනිකව අවාසිදායක බැවින් මේ තීන්දුව ජවිපෙ ගෙන ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම, පොදු වේදිකාවක සිට විරෝධය දැක්වීම ආදී පොදු වේදිකාවේ යෝජනා වලට ඔවුන් සහභාගි නොවන බව මේ වනවිට දන්වා තිබේ.

කෙසේවුවද ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක්  පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ මුලින් එකඟතාවය ලබා දී පසුව එයට විරෝධය දක්වා ඇති බව සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, විපක්ෂයේ කණ්ඩායම් එකතු කිරීමේ ප්‍රධාන වැඩපිළිවෙළක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වැඩ වලට ද මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව පැවසේ.

අදාළ අරමුණ මුල්කරගනිමින් ඊයෙ (04) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහභාගි වී නොසිටි බව වාර්තා වේ.

එම සම්මන්ත්‍රණයට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයකු ලෙස රාජිත සේනාරත්න මහතා සහභාගී වී  ඇත.

ඊට අමතරව චම්පික රණවක, මංගල සමරවීර, කුමාර වෙල්ගම, රිෂාද් බදුයුදීන්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම් හා එජාපයට සම්බන්ධ කිහිපදෙනෙකු ද එක්ව සිටි බව පැවසේ.

කොළඹ ජානකී හෝටලයේ පැවැති මේ සාකච්ඡාවට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද කිහිපදෙනෙකු සිටි බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad