ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට නෑ..? පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානය කඩිනමින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයට නෑ..? පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධානය කඩිනමින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා යම් සාර්ථකත්වයක් ලබා ඇති බවත් මේ නිසා එම පක්ෂ දෙක අතර ක්‍රියාත්මක කිරීමට නියමිත සන්ධානයට කොළ එළියක් වැටී ඇති බවත් වාර්තා වෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පෙරේදා (05දා) රාත්‍රියේදී ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එම සාකච්ඡාව පැයකට අධික කාලයක් පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දේශපාලනික තොරතුරු මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ස්ථාවරයන් හා ශ්‍රී ලංනිප මන්ත්‍රී කණ්ඩායමේ දේශපාලන අනාගතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව දෙපාර්ශ්වයේ සෙසු නියෝජිතයන් සමග සාකච්ඡා කර අවසන් එකඟතාවයට පැමිණීමට නායකයන් දෙදෙනා එකඟතාවකට පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ඉදිරි ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවටද වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයනි පිරිසක් ඊයේ පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

එමෙන්ම ඊයේ සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක්ද පැවැති අතර එහිදී පුළුල් සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

– ada


No comments:

Post a Comment

Post Bottom Ad