මෙම පහරදීම පෙරේදා (5 දා) රාත‍්‍රි කිසිවකු විසින් සිදුකර ඇතැයි සැක කෙරේ. මේ හේතුවෙන් එම ප‍්‍රදේශයේ සහ අවට ප‍්‍රදේශවල කිතුණුවන් දැඩි කලබලයකට පත්වූ අතර ඔවුන් මීගමුව මීරිගම ප‍්‍රධාන මාර්ගය වසා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වී ඇත.
එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ ප‍්‍රදේශවාසී පූජකතුමන්ලා එක්වී ජනාතවට කරුණු පැහැදිලි කිරීමෙන් මෙම තත්ත්වය වළකා ගත හැකි විය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත.
පසුගිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිහිටා ඇත්තේද මෙම සුරුවම පිහිටි ස්ථානයට ආසන්නයේය.


No comments:
Post a Comment