marawila hospital - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

marawila hospital

දරයේ සැත්කමක් සඳහා පැමිණි මවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මුලික රෝහලෙන් වාර්තා වේ. මේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ මාදම්පේ පදිංචි මවක් වන පැට්‍රිෂියා ලීලාවතී(78 ) මහත්මියයි. මේ මව ගර්භාශය ඉවත් කර ගැනීමේ සැත්කම කිරීම සඳහා මාරවිල රෝහලට දෙපයින් ඇවිදගෙන පැමිණ ඇත්තේ පසුගිය මස විසි වෙනි දිනයි. ඉන් දින දෙකකට පසු මේ සැත්කම කර ඇති අතර අත ඉවත් කර ඇත්තේ විසි දෙවන දිනයි. එදින සිට මේ දක්වා මේ මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මේ සිදුවීමට අමතරව පෙරේදා(4 ) තවත් සිදුවීමක් වී ඇත. මේ සිදුවීම වන්නේ පපුවේ වේදනාවකින් පැමිණි මවක් උදරය පලා සැත්කමට භාජනය කිරීමට උත්සාහ කිරීමකි. මෙහි දී මේ කාන්තාවගේ සහෝදරයා පැමිණ ඒ අවස්ථාවේ සැත්කම් කිරීමට උත්සහා කළ වෛද්‍යවරයාගෙන් උදරයේ සැත්කමක් කරන්නේ කුමක් නිසාදැයි විමසීම හේතුවෙන් මේ සැත්කම නැවතී තිබේ.

මෙහි දී අදාළ ආධුනික වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් හේතුව නොදන්නා අතර මේ සැත්කම කිරීමට උපදෙස් ලබා දුන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා බවයි. මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ පී.ආර්.ශාන්ති නමැති දෙදරු මවකි. මැයගේ සහෝදරයා වෛද්‍යවරයකු වීම හේතුවෙන් සැත්කම කිරීම සඳහා අනුමැතිය ලබා නොදීම මත මේ මවගේ ජීවිතය බේරී තිබේ.

මේ සිදුවීම් දෙක පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මේ රෝගීන්ගේ ඥාතීන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රසාද් පූර්ණමාල් පුත්තලම දිසා සමූහ
දිනමිණ


No comments:

Post a Comment

Post Bottom Ad