එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (05) යෝජනා විය.
පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි.
එම රැස්වීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල ප්‍රධානීන් ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් එක්ව සිටියහ.
මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ සාකච්ඡා කිරීම මේ රැස්වීමේ මූලික අරමුණ විය.
මේ අතර, ජනාධිපතිවරණය ජය ගත හැකි හොඳම අපේක්ෂකයා නියමිත කාලයේදී හෙළිදරව් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
සියලු දෙනාගේ එකගතාව මත ඒ පිළිබඳ නිවැරදි තීරණය ගන්නා බවද ඔහු එහිදී අවධාරණය කර ඇත.
Tuesday, August 6, 2019
UNP bans public announcements regarding presidential candidacy !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment