මහින්ද නීති ගැටයක.. ශ‍්‍රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

මහින්ද නීති ගැටයක.. ශ‍්‍රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ සිටියදීම බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් මතුවූ ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියදී ම තවත් පක්ෂයක නායකත්වය ගැනීමේ කිසිදු වරදක් නැතැයි ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම එකොළොස් වැනිදා දිනයේ පැවැත්වෙන සමුළුවේදී මීලග ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුවුන බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad