Wellambada Acting OIC interdicted for deciding to return seized sharp weapons - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 6, 2019

Wellambada Acting OIC interdicted for deciding to return seized sharp weapons

වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එම පොලිස් ස්ථානයේ වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා. වෙල්ලම්බොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහරේ රාජකාරී සඳහා යෙදවීමෙන් අනතුරුව වැඩබැලීමට පත්කළ ස්ථානාධිපතිවරයා මෙලෙස එම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කඩු හා පිහි නිදහස් කිරිමට කටයුතු කර තිබුණා.
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දීමට කටයුතු කර ඇති අතර හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බවට වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad