වෙල්ලම්බොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් කඩු හා පිහි නිදහස් කිරීමට කටයුතු කළ එම පොලිස් ස්ථානයේ වැඩබැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙනවා.
වෙල්ලම්බොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහරේ රාජකාරී සඳහා යෙදවීමෙන් අනතුරුව වැඩබැලීමට පත්කළ ස්ථානාධිපතිවරයා මෙලෙස එම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කඩු හා පිහි නිදහස් කිරිමට කටයුතු කර තිබුණා.
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දීමට කටයුතු කර ඇති අතර හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බවට වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබෙනවා.
Wednesday, August 7, 2019
ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි නැවත ලබාදුන් OIC ගේ වැඩ තහනම් වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment