ගෝඨා වෙනුවෙන් පොහොට්ටුව ඇප මුදල් බදී.. නව ජනාධිපති දිවුරුම් දීම නොවැම්බර් 18.. එදින මහින්දගේ උපන් දිනයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

ගෝඨා වෙනුවෙන් පොහොට්ටුව ඇප මුදල් බදී.. නව ජනාධිපති දිවුරුම් දීම නොවැම්බර් 18.. එදින මහින්දගේ උපන් දිනයයි

දිරි ජනාධිපතිවරනයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි පක්ෂ නායකන්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිසමේ දී මෙම කටයුත්ත සිදු කර ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන අතර ඒ සදහා නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 7 වනදා අවසන් වෙයි.

බොහෝ දුරට මීලග ජනාධිපතිවරයා දිවුරුමි දීම නොවැම්බර් 18 වැනිදා සිදුවීමට ඉඩ ඇත. එදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනයද වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad