එකී උදර්පන ඉල්ලීම් ගොනුවකට ඇතුළත් පිටු 21,000 කට සෑම ලේඛනයක්ම එකින් එක ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය විසින් සහතික කිරීමෙන් පසු වෙන් වෙන්ව ඉල්ලීම් ගොනු එලෙස එකී අමාත්‍යාංශය වෙත භාරදීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට කීවාය.
උදර්පන නීතිය අනුව යම් රටක රැුඳී සිටින හෝ පදිංචිව සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ගෙන්වා ගැනීමට පෙර කොන්දේසි කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එකී කොන්දේසි සපුරාලීමෙන් පසුව එම ඉල්ලීම එම රටින් කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය මගින් බවත් රජයේ අධිනීතිඥවරිය ප‍්‍රකාශ කළාය.
නීතිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ජුනි 28 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව එකී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීම අනුව එකී උදර්පන ඉල්ලීම කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇතැයි ද රජයේ අධිනීතිඥවරිය එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.
එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට ඊට පෙර කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය හා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගත් රතු නිවේදනය ද එකී ලේඛන අතර ඇතැයි පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරිය එකී සෑම ලේඛනයක්ම නිසි අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවට යැවීමට භාරදී ඇති බව පැවසුවාය. ඒවා එරටට භාරදීමෙන් පසුව වසර ගණනාවක් නීතියෙන් වසන් වී සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට පැමිණවීමට අපේක්ෂා කරන බව ද ඇය ප‍්‍රකාශ කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක


No comments:
Post a Comment