සහරාන්ගේ දියණිය ගැන අධිකරණයෙන් ලැබුනු නියෝගය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 2, 2019

සහරාන්ගේ දියණිය ගැන අධිකරණයෙන් ලැබුනු නියෝගය මෙන්න

පාස්කු ඉරුදා ප්‍රහාරයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  නියෝග කර තිබෙනවා.

කටුපොත ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ බිරිඳගේ මව්පියන්ට දැරිය බාර දෙන ලෙසත්, අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන්ගේ භාරයෙන්
ඉවත්කොට වෙනත් කිසිදු පාර්ශවයකට එම දැරියව භාරදිමක් සිදුනොකරන ලෙසත් එහිදී නියෝග කර ඇති අතර සිව් හැවිරිදි එම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට නියෝග කර ඇති බව වාර්තා වනවා.

එසේම සහරාන්ගේ බිරිඳ ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටීම නිසා අදාළ දැරිය පරිවාස භාරයට හෝ සුදුසු භාරකාරත්වයක් යටතට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad