කොච්චිකඩේ බෝම්බයෙන් තුවාල ලැබූ 7ක් රෝහල්වලට බොරු ලිපින දී අතුරුදන් වෙලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 5, 2019

කොච්චිකඩේ බෝම්බයෙන් තුවාල ලැබූ 7ක් රෝහල්වලට බොරු ලිපින දී අතුරුදන් වෙලා !

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාස්කු දා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලෙන් සහ කළුබෝවිල රෝහලෙන් ප‍්‍රතිකාර ලැබූ පුද්ගලයන් හත් දෙනකු ව්‍යාජ ලිපිනයන් සදහන් කර රෝහලෙන් පිටව යෑම නිසා මේ දක්වාම ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට නොහැකිව තිබේ.

එම හත් දෙනා හැරෙන්නට කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 81 දෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප‍්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා ඊයේ (5 ) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

 මෙසේ ව්‍යාජ ලිපිනයන් සදහන් කර පිටව ගොස් ඇති පුද්ගලයන් හත් දෙනා අතරින් හය දෙනකුම මධ්‍යම කඳුකරයේ වතු ආශි‍්‍රත ලිපිනයන් ප‍්‍රකාශ කර ඇති අතර එක් අයකු යාපනය පුංගුඩුතිව් ප‍්‍රදේශයේ ලිපිනයක් සදහන් කර ඇත.

 එම තුවාලකරුවන් ඒ අන්දමට අනන්‍යතාව අනාවරණය කරගැනීමට නොහැකි අන්දමින් ප‍්‍රතිකාර ලබා පිටව යෑම රහසක් බවට පත්ව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad