පට්ටපල් බොරු කියන්න යහපාලකයෝ කොහොමත් දක්සයෝ – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

පට්ටපල් බොරු කියන්න යහපාලකයෝ කොහොමත් දක්සයෝ – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු !

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

කොළඹ නෙළුම් කුලුණ විවෘත කිරීමේ උත්සවයේදී ජනාපතිවරයා විසින් සිදු කල ප්‍රකාශයට පිළිතුරු දක්වමින්ය .

ඒ අනුව 2012 වසරේ ඔක්තෝබර් මස 9 වන දින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් සමාගමේ ගිණුමට රුපියල් බිලියන දෙකක් යැවූ බව ලියවිලිවලින් පෙන්නුම් කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර, අදටත් නෙළුම් කුලුණේ වැඩ කටයුතු කරන්නේ එම ගෙවීම ලබාගත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් සමාගම පමණක් බවත් එම රුපියල් බිලියන දෙක අනෙක් කොන්ත්‍රාත්කරු වූ ‘ඒලිට්’ සමාගමට ලබා දී නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව මුල් දවසේ සිට අද දක්වා සියලු ගෙවීම් කර ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් සමාගමේ ගිණුමට බව අදාළ ලියවිලිවලින් තහවුරු කරගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad