කැරලිකාර නායක මලික් කැරලිකරුවන් අතහැර නැවතත් රනිල් සෙවණට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 21, 2019

කැරලිකාර නායක මලික් කැරලිකරුවන් අතහැර නැවතත් රනිල් සෙවණට.


සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ඇමැති මලික් සමරවික්‍රම මහතා නැවතත් එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සමග එක් වීමට කටයුතු කරමින් සිටින බව එම එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිටින්නේ දේශපාලන වශයෙන් ලදරුවන් බවත් ඔවුන් සමග කිසිදු සැලසුමකට වැඩ කළ නොහැකි බවත් ඒ මහතා පැවසූ බව එම වාර්තාවල දැක්වෙයි.

මේ අතර මලික් සමරවික්‍රම මහතා මෑතක දී කියා සිටියේ තමන් සහ අගමැතිවරයා අතර වසර 60ක පමණ අතීතයක මිත්‍රත්වයක් පවතින බවයි.

Loading...

No comments:

Post a Comment

Post Bottom Ad