ගෝටාභය අත්අඩංගුවටගෙන නාමයෝජනා දිනයේදී රිමාන්ඩ් කර නාමයෝජනා අත්සන් කිරීම බැරි කරවන්න සූදානම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 21, 2019

ගෝටාභය අත්අඩංගුවටගෙන නාමයෝජනා දිනයේදී රිමාන්ඩ් කර නාමයෝජනා අත්සන් කිරීම බැරි කරවන්න සූදානම්..

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී මෙවැනි විර්මශනයක් ආරම්භ කර තිබීම නිසා අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීම් අවස්ථාව අහිමි කරන්න ගෝඨා භය කියන භයානක රෝගයෙන් පෙලෙන මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජනතාව තුල කුකුසක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය අනුව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී එයින් මාස හයක් සිර දඬුවම විඳ ඇත්නම් වසර හතකට මැතිවරණයකට තරග කරන්න බෑ. එහෙම නම් ගෝඨාභය මැතිතුමාට එරෙහිව හෙට නඩුවක් පවරලා හෙටම තීන්දුව දීලා වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කළත් එතුමාට ඡන්දය ඉල්ලන්න බාධාවක් නෑ. ඇයි? නාමයෝජනා භාර දෙන දිනය වන විට සිර දඬුවමෙන් මාස හයක් ගත වී නැති නිසා. අද සිට නාමයෝජනා සඳහා තිබෙන්නේ දින 15ක පමණ කාලයක්. එතුමාව සිරගත කරලා එතුමාට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබෙනවා නම් කාලයා විසින් එම කුමන්ත්‍රණය දැනටමත් පරාජය කර හමාරයි.

තවත් සමහරු මෙහෙමත් අහනවා. මේ කුරුමානම අල්ලන්නේ නාමයෝජනා දිනයේ දී අත්අඩංගුවට අරගෙන නාමයෝජනා භාර දීම වලක්වන්න නේද කියලා. ආණ්ඩුව ඇත්තටම එහෙම සිතා ගෙන ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා. 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 13(1) වගන්තිය අනුව ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීම අපේක්ෂකයාට හෝ ඔහුගේ නම යෝජනා කරන තැනැත්තාට කරන්න පුළුවන්. 12(1) වගන්තියෙන් කියනවා කාටද නාමයෝජනා පත්‍රයට අත්සන් කල හැක්කේ කියලා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා නම් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා. ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ගෝඨාභය මැතිතුමාට හෝ පොදුජන පෙරමුණේ ලේකම්තුමාට නාමයෝජනා භාර දෙන්න පුළුවන්. සිරගතකලත් රක්ෂිත බන්ධනාගාර ගත කලත් ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නතර කරන්න මොන සක්කරයටවත් බෑ කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.

ඔච්චරටම ආසාවක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දාන්න කරුණාකරලා ඒක කරන්න. ඉන් අපිට වාසියක් මිස අවාසියක් නෑ. ලංකාවේ තිබෙන අනුකම්පා ඡන්ද අනුව නම් ඡන්ද කාලයේ හිරේ දාන එක අපට වාසියි. 1988 දී කලුතර දිස්ත්‍රිකයෙන් කෝඩුකාර අප්ක්ෂකයෙක් ඉදිරිපත්වුණා තිලත් කරුණාරත්න මැතිතුමා. මැතිවරණයේ මැද තිලක් කරුණාරත්න මැතිතුමාව හිරේ දැම්මා. එතුමාගේ ආධාරකරුවන් පෝස්ටරයක් ගැහුවා තිලත් කරුණාරත්න සිපිරිගෙයින් මැතිසබයට කියලා. ප්‍රතිඵලය මොකද්ද? රත්නසිරි වික්‍රමනායක, අනිල් මුණසිංහ, නෙවිල් ප්‍රනාන්දු වැනි දැවැන්ත චරිත පස්සට තල්ලු කරලා කෝඩුකාර තිලක් කරුණාරත්න මැතිතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා.

ඒ වගේම 2010 දී මැතිවරණය මැද පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හිරේ දැම්මා. ප්‍රතිඵලය? එතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා. 2015 මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිතුමාව හිරේ දැම්මා. රත්නපුරේ හැමදාම පළමුවැනියන් වන පවිත්‍රා මැතිණිය සහ ජෝන් සෙනෙවිරත්න මැතිතුමා පහලට ඇද දමලා ප්‍රේමලාල් මැතිතුමා පළමුවැනියා වුණා.

ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය මැතිතුමා හිරේ දාන එක අපේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන සහයෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒ උදව්වත් බාරගන්න අපි සූදානම්.

විපක්ෂ නායක කාරයාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad