එජාප ගැටුමේදී ප‍්‍රබල ඇමතිට හරීන් දත් කැඩෙන්න ගහලා? සජිත් පිලෙන් හරීන්ට සුබ පැතුම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

එජාප ගැටුමේදී ප‍්‍රබල ඇමතිට හරීන් දත් කැඩෙන්න ගහලා? සජිත් පිලෙන් හරීන්ට සුබ පැතුම් !

යේ දිනයේ පැවති පෙර කැබිනට් හමුවේ දී ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් තවත් ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුට පහර දුන් බවට සමාජ ජාලවල වාර්තා පළ වේ.

එම ප්‍රබල ඇමතිවරයාට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් දත් කැඩී ඇති බවටද වාර්තාවන්හි සදහන්ය.

කෙසේ වෙතත් මේ ගැන කල විමසීමකදී අදාල හමුවට එක් වූ ඇමතිවරයෙකු කියා සිටියේ යම් සිදුවීමක් සිදු වූ බවත් නමුත් දත් කැඩුණු බවක් තමන්ට තහවුරු කළ නොහැකි බවත්ය.

එම අවස්ථාවේ අතිශය උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත් කුණුහරුපෙන් බැන ගත් බවත් පහරදීමක් වූයේ දැයි නො වූයේ දැයි තහවුරු කල නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය

අදාල දත් කැඩුනු බව කියන ද ඇමතිවරයාගේ ද සමීප ආරංචි මාර්ග කියා සිටියේ ඔහුගේ දත් කිසිවක් කැඩී නැති නමුත් දැඩි කලකිරීමකින් මෙන් සිටින බවයි.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ සමාජා ජාලා ක‍්‍රියාකාරීන් විසින් එම ප‍්‍රහාරය එල්ල කලේ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාට සුබ පැතුම් පල කරමින් ඇත.

lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad