සිය ධුරකාලය අවසන් වන්නේ කවදායින්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා අවශ්‍ය සියලු ලේඛන මීට සති දෙකකට පමණ පෙර සිටම සකස් කර තිබුණු අතර යම් හේතුවක් මත එය කල්තැබුණු බව අපි මීට පෙර වාර්තා කළෙමු.
කෙසේවෙතත් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරමින් ඊයේ (18) ගැසට් නිවේදනය නිකුත් කෙරුණු වහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සිය මත විමසීම ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි ධුර කාලසීමාව වසර හයක් නොව පහක් බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ තර්කය වී ඇත්තේ එම වසර පහක ධුර කාලය ආරම්භ විය යුත්තේ 19 වන සංශෝධනය බලාත්මක වූ, එනම් එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබූ දිනයේ සිට බවයි. කථානායකවරයා ඊට අත්සන් තබා ඇත්තේ 2015 මැයි 15 වනදා බැවින් 2020 මැයි 15 වනදා දක්වා සිය ධුරය දැරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අයිතියක් ඇති බවයි ඔවුන්ගේ නීති තර්කය වී ඇත්තේ.
නාමයෝජනා කැඳවීමත් කල් යයිද ?
මෙය තරමක් සංකීර්ණ ව්‍යවස්ථා අර්ථදැක්වීමක් වනු ඇති අතර අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඬුල්ලක් විසින් ලබාදෙනු ඇත.
කෙසේවෙතත් මෙම මත විමසීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසන් වනතෙක් නාමයෝජනා කැඳවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීමට ද ජනාධිපතිවරයාට නීතිමය අයිතියක් තිබේ.
Wednesday, September 18, 2019
ජනාධිපතිවරණය කල් යයිද ? ධුර කාලය විමසීමට මෛත්‍රී අද ශ්‍රේෂ්ඨාධිකරණයට !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment