තේරීම් කාරක සභාවට උත්තර දෙන්න ජනපති එකඟ වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 2, 2019

තේරීම් කාරක සභාවට උත්තර දෙන්න ජනපති එකඟ වෙයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශයක් දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකගතාවය පළකර ඇතැයි වාර්තා වේ.

තේරීම් කාරක සභා නියෝජිතයන් ඊයේ (02) පැවැත්වූ විශේෂ රැස්වීමේදී මේ බව අනාවරණය වී ඇත.

ජනපතිවරයා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාට ඒ බව දැනුම් දී ඇති බවද පැවසේ.

මේ අනුව ඉදිරි දිනයකදී ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව තේරීම් කාරක සභාවේ ප්‍රකාශකයෙකු පැවසූ බවට මාධ්‍ය වාර්තාද පලව ඇත.

කෙසේවෙතත් මීට ඉහත අවස්ථාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා කියාසිටියේ කැඳවීමක් ලැබුණද තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී නොසිටින බවයි.

තේරීම් කාරක සභාව මේ වනවිට අවස්ථා 18 කදී රැස්වී ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඇතුලු 25 දෙනෙකුට වැඩි පිරිසක් ඒ හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

තේරීම් කාරක සභාවේ කාලය ලබන 30 වැනිදා තෙක් දීර්ඝ කෙරුණු අතර අවසාන වාර්තාව ඊට පෙර පාර්ලිමේන්තුවට ලබාදිමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad