ජනාධිපති වී මැරෙන අය එපා.. ගෝටාභය දිනවන්න.. අත්පොලසන් වර්ෂාවක් මැද වියත්මග අමතමින් ලෝක පුජිත මුරලිදරන් කල කතාව මෙන්න.. [Full Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

ජනාධිපති වී මැරෙන අය එපා.. ගෝටාභය දිනවන්න.. අත්පොලසන් වර්ෂාවක් මැද වියත්මග අමතමින් ලෝක පුජිත මුරලිදරන් කල කතාව මෙන්න.. [Full Video]

රටේ පාලනය ඉල්ලා සිටින පුද්ගලයන් රට වෙනුවෙන් මිය යාම නොව රට වෙනුවෙන් ජීවත් වීම කළ යුතු බව ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මොකද පවසයි.

කඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව රට වෙනුවෙන් ජීවත්වන අයෙකු බවද ඔහු සඳහන් කළේය.

රටට රැකවරණයක් ලබාදිය හැකි අයෙක්, රටට සේවයක් කළ අයෙක් රට පාලනයට පත්කළ යුතු බවද ඉදිරියේදී ඒ සදහා තීරණාත්මක අවස්ථාවක් උදාවන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ වියත්මග තරුණ සමුළුවට සම්බන්ධවෙමින් එහිදී අදහස් පළ කරමිනි.

මුරලිදරන්ගේ අදහස් පල කිරීමට එහි සිටි පිරිස අවස්ථා ගණනායකදී අත්පොලසන් දුන්හ.

වියත්මත මහ සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද පැවැත්විණි.

No comments:

Post a Comment

Post Bottom Ad