එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රභල සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 32 වන ගුණ සැමරුම වෙනුවෙන් වව්නියාවේ සිට යාපනය දක්වා පා ගමනක් සංවිධානය කොට ඇත.
වව්නියාව නගරසභාව ඉදිරිපිටින් ඊයේ (21) දින ආරම්භ වූ මෙම පාගමන ලබන 24 වනදා යාපනයට ලඟා වීමට නියමිතව ඇති අතර ස්වේච්ඡා සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම පාගමන වෙනුවෙන් උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාති සංගමය විසින්ද සහය ලබා දී තිබුණි.
තිලීපන් එදා නිරාහාරව සිටිමින් මිය ගියේ දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුභ සිද්ධිය පතා වන අතර එහෙයින් එවැනි අයෙකු සිහිපත් කොට මෙම පාගමන සංවිධානය කළ බවට සංවිධායකයින් පැවසූහ.
1987 සැප්තැම්බර් මස 15 වනදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයකක් ආරම්භ කරනු ලැබුවේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවටයි
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද පැමිණ අදාල උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත් නොහැරීමෙන් සැප්තැම්බර් 26 වනදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිටීම නිසා මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබා දී ඇති අතර ඔහුව එවකට හැඳින්වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසින්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Sunday, September 22, 2019
මිය ගිය LTTE නායක වෙනුවෙන් උතුරේ පින්තූර බැදගෙන පාගමන්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment