කලක පටන් සිදු කළ මැතිවරණ ව්‍යාපෘතිය අනුව පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.
මේ අතර සුවිශේෂී කරුණ වන්නේ ගෝඨාභය එලෙසින් ජනපතිවරණයට ඉදිරිපත් වද්දි පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීමයි.
එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස ඔහු බොහෝ විට දිවුරුම් දෙන්නේ සිය වැඩිමහල් සහෝදරයාගේ උපන්දිනය යෙදෙන දිනටය.
මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබා දෙන සුවිශේෂී උපන් දින තෑග්ගක් වනු ඇති බවට සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතාබහක් ඇතිව තිබීම විශේෂත්වයකි.


No comments:
Post a Comment