රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 26, 2019

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු අද දිවුරුම් දෙති

ව අන්තර්වාර ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) උදෑසන දිව්රුම් දීමට නියමිතය.

අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලය පසුගිය 22 වැනිදා පත් කෙරුණු අතර එය 1956න් පසුව පත් කෙරුණු කුඩාම කැබිනට් මණ්ඩලය වේ.
අන්තර්වාර රජයේ කැබිනට් ඇමැතිවරුන්ගේ විෂයය පථයන් පුළුල් ස්වභාවයක් ගෙන ඇති හෙයින් ඔවුන්ගේ කටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ඒ ඒ විෂයන්ට අදාළව පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසීය. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනුබද්ධ අනෙකුත් පක්ෂ වෙත අවස්ථාව හිමි වනු ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කළේය.

නුවන් කොඩිකාර


No comments:

Post a Comment

Post Bottom Ad