ශ්‍රී ලංකාව 'මවගෙන් දරුවාට HIV ආසාදනය වීම' සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 30, 2019

ශ්‍රී ලංකාව 'මවගෙන් දරුවාට HIV ආසාදනය වීම' සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක්

HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩසටහන ශී‍්‍ර ලංකාව තුළ සාර්ථකව කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ලෝක ඒඞ්ස් දිනය ද අදට (01) යෙදී තිබෙන අතර ”එක්ව සිතමු - වෙනසක් කරමු - ඒඞ්ස් දුරලමු” යන්න මෙවර ලෝක ඒඞ්ස් දිනයේ තේමාවයි.

ඒඞ්ස් රෝගය 2025 වසරේදී ශී‍්‍ර ලංකාවෙන් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවයි ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවාමාලගේ කියා සිටියේ.

මවගෙන් දරුවාට HIV ආසාදනය වීම සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස මේ වනවිට ශී‍්‍ර ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad