වේරහැර කල්ලියක්‌ හොර වෛද්‍ය සහතිකදී මුදල් ගරලා,ජාවාරම්කරුවන් අල්ලන්නැයි ඇමැතිගෙන් නියෝග. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

වේරහැර කල්ලියක්‌ හොර වෛද්‍ය සහතිකදී මුදල් ගරලා,ජාවාරම්කරුවන් අල්ලන්නැයි ඇමැතිගෙන් නියෝග.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවෙන් නීති විරෝධී අන්දමින් මුදලට වෛද්‍ය සහතික රියෑදුරන්ට නිකුත් කිරීමේ ජාවාරමක්‌ හෙළිකරගත් ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා වහාම එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශ වැටලීම් ඒකකයට නියෝග කර ඇත.

වෛද්‍ය වාර්තා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් සමත් වුවත් ඔවුන් අසමත් බව පවසමින් සමත්කර දීමට නම් මුදල් අවශ්‍ය බව මෙම ජාවාරම්කරුවන් ප්‍රකාශ කර මුදල් ලබාගන්නා බව හෙළි වී ඇත.

එමෙන්ම වෛද්‍ය පරීක්‍ෂණයෙන් අසමත් වන රියෑදුරන්ගෙන් ද මුදල් ලබාගෙන සමත් බව වෛද්‍ය වාර්තා නිකුත් කිරීමට මෙම ජාවාරම්කරුවන් රුපියල් 2000 සිට 4000 දක්‌වා මුදලක්‌ ලබාගෙන ඇති බව ද හෙළිව ඇත.

ප්‍රවාහන වෛද්‍ය අංශයේ නිලධාරීන් පිරිසක්‌ සහ තැරැව්කරුවන් පිරිසක්‌ එක්‌ව මෙම ජාවාරම කාලයක්‌ තිස්‌සේ සිදුකරගෙන ගොස්‌ ඇති බවට අනාවරණය වී තිබේ.

රුධිරයේ සීනි මට්‌ටම දියවැඩියාව ආදී කරුණු සම්බන්ධයෙන් මොවුන් මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇති බව ද හෙළි වී තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳව වහාම සොයා බලා එම නිලධාරීන් සහ තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමටත් ඇමැතිවරයා ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඇත.
-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad