ඉන්දීය නළුවකු හා දේශපාලනඥයෙකු වූ එම්.ජී.රාමචන්ද්‍රන් හෙවත් එම්ජීආර් ගේ 32 වන ගුණ සමරුව යාපනයේ පැවති අවස්ථාවේදී ශිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් දෙමළ ජනතාව ඉතා පහත් කොට සලකා ප්‍රකාශ ගණනාවක්ම කොට ඇති බව කී ශිවාජිලිංගම් මහතා මෙවැනි ප්‍රකාශත් යාපනය ඇතුළු උතුරු පළාත තුලට ජාතිවාදී අදහස් හා සංකල්ප බලහත්කාරයෙන් ඇතුළු කිරීමට එක්තරා පිරිසක් උත්සහ කිරීම නිසා යුද්දයෙන් පසුව ඇතිවුණු සාමයට විශාල තර්ජනයක් එල්ල වන බවද කියා සිටියේය.
අතීතයේදී තරුණයින් ආයුධ අතට ගෙන යුද්ධයක් කරා ගමන් කළේ දෙමළ ජනයාට මේ අන්දමට සිදු වූ අසාධාරණකම් වලට එරෙහිව බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා යළිත් එවැනි පරිසරයකට යාමට අවථාව සලසා නොදී දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න විසදීමට ක්‍රියා කළ යුතුව ඇතැයිද පැවසීය.
ඉන්දියාවේ එම්ජීආර් නළුවකුට වඩා දෙමළ ප්‍රශ්න විසදීම සදහා පෙනී සිටි සුවිශේෂී පුද්ගලයෙකු බවද ශිවාජිලිංගම් මහතා මෙහිදී සදහන්කළේය.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
මව්බිම


No comments:
Post a Comment