රතන හිමි, වසන්ත ආණ්ඩුවේ පුටු ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

රතන හිමි, වසන්ත ආණ්ඩුවේ පුටු ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන කුමාර වෙල්ගම මහතා සිය පාර්ලිමේන්තු ආසනය විපක්‍ෂයේ පිළියෙල කරන ලෙස වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළ කළ වසන්ත සේනානායක වේත්‍රධාරීවරයාගෙන් ඉල්ලා ඇත්තේ සිය මන්ත්‍රී අසුන ආණ්ඩු පක්‍ෂයේ පිළියෙල කරන ලෙසයි.

එමෙන්ම පූජ්‍ය අතුරළියේ රතන හිමියන්ද සිය මන්ත්‍රි අසුන ආණ්ඩු පක්‍ෂ කොටසේ ස්ථානගත කරන ලෙස වේත්‍රධාරීවරයාට දුරකතන ඇමතුමකින් දැනුම් දී ඇතැයි අරුණ පුවත්පත වාර්තාකර තිබේ.

යම් ස්ථානයක් වෙන් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇතත් එය සිදුකර ගත යුතු සම්මත ආකාරයක් ඇති බව පැවසේ.

එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වෙත දුරකථන ඇමතුම් ලබාදීමෙන් සිදුකර ගත නොහැකි බවද මේ අතර වාර්තා වේ.

තම ආසනය පිළියෙල කළ යුත්තේ කෙසේදැයි යන්න කථානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීම අදාළ මන්ත්‍රීවරයාට පැවැරෙන වගකීමක් බව පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ගවලින් වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad