එක්සත් ජාතික පක්‍ෂය අද වනවිට ගැටලූ රැසක් පවතින පක්‍ෂයක් බවට පත්වී තිබේ. එමෙන්ම අද වන විට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය පිළිබඳ අර්බුද මතුවී ඇත.
මේ නිසා අද දවසේ දේශපාලනයේ අලූත් කතාව සඳහා එක්වන්නේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී තලතා අතුකෝරල මහත්මියයි.
ප‍්‍රස්නය :- පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිතුමා අත්අඩංගුවට අරන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ගැන මොකද කියන්නේ?
පිළිතුර :- ඔය රාජගිරිය ප‍්‍රදේශයේ දී තරුණයකු අනතුරට ලක්වීමේ නඩුව අවසන් වෙච්ච නඩුවක්. ඒක විධිමත් විදිහට ඒ නඩුව අහලා අවසන් වුණේ 2016 දී. ඒ දරුවාට ප‍්‍රතිකාර කරන්නත් ඇමැතිතුමා ලොකු මුදලක් දුන්නා කියලත් මට දැනගන්න ලැබුණා. මේ වෙනකොට ඒ නඩුව වෙන ස්වරූපයක් අරන් තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවට ලොකු අනුකම්පාවක් ඇවිත් අර දරුවත් විකුණන් කන්න හදනවා. ඇයි ඒ දරුවව ඒ දෙමව්පියෝ අවුරුදු 3 ක් තිස්සේ ඉඳන් ජීවත් කරනවනේ. දැන් මේ රජය දේශපාලන වාසි ගන්න හදනවා ලොකු මතයක් රටේ හදලා.
දැන් ඕගොල්ලො දන්නවා පසුගියදා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා වෙනුවෙන් මහරගම ලොකු තොරණක් හදලා තිබුණා. ඒ තොරණ කඩාගෙන වැටිලා ගැහැනු ලමයෙක් ඉන්නවා ඇවිදගෙන යන්න බැරිව. එයාට වෙච්ච ඒ අනතුරේ කව්ද ඒ වගකීම භාරගත්තේ. එතකොට වාහන අනතුරු වෙනවා. පාඨලී ඇමැතිතුමාගේ පැත්තෙන් එතුමා තමයි මේ සියලූම කරුණු කාරණා දන්නේ. එතුමා සියලූ කරුණු කාරනා අධිකරණයට ඉදිරිපත් කර ඔප්පු කර නිදහස් වෙයි කියලා හිතනවා.
දැන් පොලිසිය අපිට හිතාගන්නත් බැහැ අපේ පාලන කාලයේ තිබුණු පොලිසියද කියලා. පොලිසිය ගැන කනගාටුවෙනවා. දැන් පාඨලී හිටපු ඇමැතිතුමාට එරෙහිව නොයෙකුත් අභූත චෝදනා නගන්න පුළුවන්.
ප‍්‍රස්නය :- පාඨලී හිටපු ඇමැතිතුමා අත්අඩංගුවට ගැනීම මේ රජයේ ඉදිරි ගමනට කොහොම බලපෑමක් කරයිද?
පිළිතුර :- දැන් ඉදිරියේ මහ මැතිවරණයක් එනවනේ. එතකොට ජනතාව නියම පිළිතුරක් ලබාදේවි. රටක නීතිගරුක බව තියෙන්න ඕන. රටක විනයක් තියෙන්න ඕන. මම හිටපු ආණ්ඩුවේ හිටපු අවුරුදු හතරක කාලය තුළ වැරදි කරපු අය ඉන්න ඇති. මම නැහැයි කියන්නේ නැහැ. දැන් අපේ ඇමැතිවරුන්ගේ දරුවෝ අතින් එහෙම රථවාහන අනතුරු සිදුවුණා. කා අතිනුත් රිය අනතුරු වෙනවා. ඒ කාලය තුළ අපි පොලිසියට බලපෑම් කළේ නැති ආණ්ඩුවක්. එහෙම නැතිනම් සමහරක් වෙලාවට ඒ වෙලාවේ පොලිසියට බලපෑමක් කව්රු හරි අපේ ඇමැති කෙනෙක් කළානම් ඒකත් කරලා තියෙන්නේ විරුද්ධ පක්‍ෂයේ ඉන්න මිනිස්සු පරිස්සම් කරන්න. පාඨලී හිටපු ඇමැතිතුමා අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක්. මේ කටයුත්ත කරපු ක‍්‍රමවේදයට කැමති නැහැ. එදා එතුමා උසාවියට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇයි මේ මහ ? ගිහිල්ලා පැනලා යන්න ඉන්න මිනීමරුවෙක්, පාතාලයෙක් වගේ අත්අඩංගුවට ගත්තේ. සිංහල බෞද්ධකම කතා කරපු රටේ සිංහල බෞද්ධ නායකයෙක්නේ මේ අත්අඩංගුවට මේ චරිතය විනාශ කරන්න හොඳ නැහැ. බෞද්ධාගමටයි මේ පහර ගහන්නේ.
ප‍්‍රස්නය :- ස්විට්සර්ලන්ත නාතාපති කාර්යාලයේ සේවිකාවගේ සිද්ධිය ගැන මොකද කියන්නේ. මේ සිද්ධියේදී රාජිත ඇමැතිතුමා ගැනත් කියවෙනවා?
පිළිතුර :- මේ පැහැර ගැනීම ගැන රාජිත ඇමැතිතුමා මාධ්‍යට කියන්න ඇත්තේ එතුමාට ලැබුණු තොරතුරු අනුවයි. මේ ගැන මට වැඩි දෙයක් කියන්න බැහැ. දැන් මේ කාන්තාව රට අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්විට්සර්ලන්ත රටෙන් නියෝජිතයන් පිරිසක් එවා තිබෙනවා. ඒ ගැන සත්‍යය හෙලිදරව් වේවි. මේ කාන්තාව කළේ බොරුවක් බව ඔප්පු වුනොත් ඒ කාන්තාවට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ. මොකද මේක රාජ්‍ය කුමන්ත‍්‍රණයක්.
ප‍්‍රස්නය :- සජිත් පේ‍්‍රමදාස හිටපු ඇමැතිතුමාට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය දෙන්න කියලා ඒ පාක්‍ෂිකයන් බොහෝ දෙනෙක් දැඩිව ඉල්ලා සිටිනවා. ඇයි එතුමාට පක්‍ෂ නායකත්වය භාරදෙන්නේ නැත්තේ?
පිළිතුර :- මමත් ඉල්ලීම් කරනවා එතුමාට පක්‍ෂ නායකත්වය දෙන්න කියලා. පාක්‍ෂිකයෝත් ඉල්ලීම් කරනවා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ මං ඉතා ගෞරව කරන ඒ කාලයේ හිටපු හොඳ දේශපාලනඥයෙක්. එතුමා හොඳ මහත්මයෙක්. හැබැයි මට හිතෙන්නේ එතුමා දේශපාලනයට ඒ තරම් හරියන්නේ නැති නිසා තමයි පාක්‍ෂිකයන් සජිත් මහත්මයා ඉල්ලන්නේ.
එතුමා පක්‍ෂ නායකකම සජිත් මහත්තයාට දියයුතුයි. නමුත් එතුමා වටේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අයගේ වුවමනාව මතයි එතුමා රැඳී ඉන්නේ. කොහොම වුනත් එතුමා සෘජු තීරණයක් අරන් පක්‍ෂ නායකත්වයත් සජිත් මහත්මයාට දුන්නා නම් ප‍්‍රශ්න ඇති වෙන්නේ නෑ.
පක්‍ෂ නායකතුමා දැන්වත් තීරණයක් ගන්න ඕනේ. පක්‍ෂය කැඩෙන තැනකට වැඩ කරනවාට මං කොහෙත්ම කැමති කෙනෙක් නොවෙයි. මේ ප‍්‍රශ්නය ජනවාරි වෙනකොටවත් විසඳෙන්න ඕන. පක්‍ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කළා කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙසැම්බර් මාසයේ කැඳවන්න කියලා. නමුත් ඒ ඉල්ලීමට එතුමා කන් නොදී විදේශගතවෙලා තිබෙනවා. ඉතිං අපි කනගාටු වෙනවා ඒ සම්බන්ධයෙන්. රණ්ඩුවෙන්න නෙවෙයි ගහමරාගන්න නෙවෙයි මීට වඩා අමාරු කාලවල්වල මේ පක්‍ෂය තිබුණා. මම මේ පක්‍ෂයට සම්බන්ධ වුණාට පස්සේ පක්‍ෂය තුළ ප‍්‍රශ්න ඇති වුණ කාල මීට ඉස්සෙලත් තිබුනා. එතකොට ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් වුනා. කතාවෙන් සාකච්ඡුාවෙන් එකමුතුවෙන් මේ ප‍්‍රශ්න අපි විසඳගන්න ඕනෑ. මේ පක්‍ෂය කඩන්න සජිත් පේ‍්‍රමදාස මහත්තමයා කොහෙත්ම කැමති නැහැ.
ප‍්‍රස්නය :- සජිත් පේ‍්‍රමදාස මහත්මයාට පක්‍ෂයේ නායකත්වය හදිසියේවත් හම්බවුණේ නැත්නම් මන්ත‍්‍රිතුමිය මොකද කරන්නේ?
පිළිතුර :- ඒක ඒ වෙලාවට බලන්න ඕන. ඔයිට කලිනුත් අපේ පක්‍ෂය කඩන්න බොහෝ දෙනා උත්සාහ දැරුවා. නමුත් ඒක කරන්න බැරිවුණා. සජිත් පේ‍්‍රමදාස මහත්මයා බොහොම අවලාද අපහාස මැද්දේ තමයි ගමන ආවේ. එතුමාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබෙයි කියලා සමහර අය මඩ ප‍්‍රචාරයක් අරන් ගියානේ. එතුමාගේ උගත්කම ගැන අධ්‍යාපන සුදුසුකම් ගැන ඒ වගේ මඩ ගොහොරුවක් මැද්දේ ඉඳගෙන තමයි සටන් කළේ.
ප‍්‍රස්නය :- පසුගියදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ පරාජයට මංගල සමරවීර, රන්ජන් රාමනායක, රාජිත සේනාරත්න වැනි ඇමැතිවරු මහා සංඝරත්නයට කරපු අපහාස බලපෑව කියලා බොහෝ දෙනා පවසනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර :- මම හොඳ සිංහල බෞද්ධයෙක්. මම කොහොමවත්ම අනුමත කරන්නේ නැහැ ඒ කතාවල්. මංගල සමරවීර මහත්තයාගේ කතාව එතුමා මට හිතෙන්නේ කියන්න උත්සාහ කළේ මේක ශ‍්‍රී ලාංකිකයන්ගේ රට කියලා. එතුමා අතින් කියවුණේ මේක සිංහල බෞද්ධයන්ගේ පමණක් රටක් නොවෙයි කියලා. නමුත් එතන මම එතුමත් එක්ක එක`ග වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ සිංහල බෞද්ධයන්ගේ රට කියලා. නමුත් අපි බෞද්ධයෝ හැටියට නිර්මල ථෙරවාදී බුද්ධ ධර්මය පවතින රටක් හැටියට අපි හරි ආඩම්බර වෙනවා මේ රටේ ජීවත්වෙන එක ගැන.
ප‍්‍රස්නය :- විශ්වවිද්‍යාල දරුවෝ, වෘත්තිය සමිති තමන්ගේ ගැටලූ ගැන ප‍්‍රශ්න ගැන කියන්න පාරට බහින්නේ නැහැ. ඇයි ඒ?
පිළිතුර :- ඒක දැන් හොඳටම පේනවනේ කියලා අද තත්ත්වය. අද කව්රුත් දැනගනන්න ඕනේ පහුගිය අවුරුදු 4 තුළ නිබුණු විශේෂයෙන් 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ තිබුණු වල්බූරු නිදහස අද භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ඕන කෙනෙක් ඕන මතවාදයක් ඉදිරිපත් කළානේ. විශ්වවිද්‍යාල දරුවෝ තව වෘත්තීය සමිති හැමදාම උද්ඝෝෂණ, උපවාස ඕනතරම් නිදහසේ කළා. නමුත් ඒක අද කරන්න බැහැ. පුළුවන් නම් කොළඹට ඇවිත් අට්ටාල ගහලා උපවාස කරන්න කියන්න. එදා උද්ඝෝෂණය කරපු අය වෙඩිකාලා මැරුණා. රතුපස්වල වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තිබ්බා. ඒ තත්ත්වය යලිත් ඇතිවෙමින් තිබෙනවා. ඔහොම යනකොට මාධ්‍යටත් යම් බලපෑම් එල්ලවේවි.
ප‍්‍රස්නය :- ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයේ සුදානම කොහොමද?
පිළිතුර :- පක්‍ෂ නායකකමේ ප‍්‍රශ්නය විඳගෙන සංවිධාන ජාලය හරියට ගොඩනැෙ`ගන්න ඕනෑ. මේ තත්ත්වය තුළ පක්‍ෂය තුළ කල්ලි හදලා හරියන්නේ නැහැ. අපි එකට එකතුවෙලා කණ්ඩායම් හැ`ගීමකින් වැඩ කළේ නැත්නම් මහ මැතිවරණයේදී අපි හිතෙන දේ කරගන්න වෙන්නේ නැහැ. අපිට කණ්ඩායම් හැ`ගීමක් තියෙන්න ඕන. සමහරක් දෙනා පක්‍ෂ නායකතුමාව මිනිස්සුන්ගෙන් ඈත් කරනවා. තවත් සමහර අය මේ පක්‍ෂය තුළ කල්ලි හදලා අනාගතයේදී ඒ අයට නායකයෝ වෙන්න පුළුවන් කියලා හීන මවනවා.
ප‍්‍රස්නය :-මේ තත්ත්වය උඩ පක්‍ෂය තුළ බෙදීමක් ඇතිවෙයිද?
පිළිතුර :- සජිත් පේ‍්‍රමදාස මහත්මයා මේ පක්‍ෂයේ නායකත්වය භාරගත්තාට පස්සේ පක්‍ෂය තුළ බෙදීමක් කිසිම කල්ලියක් හැදෙන්නේ නැහැ. කල්ලි හදන්න කාටවත් වුවමනාවක් නැහැ.
දැන් තිබෙන පක්‍ෂ නායකත්වය ගැන මම නියෝජනය කරන නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ 80% ක් ජනතාව කලකිරීමෙන් ඉන්නේ. ඒ අය බොහෝ දෙනකු කියන්නේ තරහවෙන්න එපා මේ තත්ත්වය උඩ අපි නම් බහින්නේ නැහැ කියලයි. සියයට තුනක් විතර ඉන්නවා අපේ ජනාධිපති අපේක්‍ෂකයා විහින්ම පරද්දවා ගත්තා කියන මට සීයට තුන නෙවෙයි සීයට අනුහතක් දෙනා කියන දේ අහන්න වෙනවනේ. මම ඒ අනුව තමයි තීරණය ගන්නේ. මම ඒ ජනතාව කියන එක අහනවා. මම නම් එක්සත් ජාතික පක්‍ෂයෙන් යන්නෙත් නැහැ. වෙන පක්‍ෂයට සම්බන්ධ වෙන්නෙත් නැහැ. මගේ ජිවිත කාලය තුළ මම ස්වාධීන මන්ත‍්‍රීවරියක් වෙන්නෙත් නැහැ. මම කෙලින්ම ගෙදර තමයි යන්නේ. මම අහම්බයෙන් ආපු කෙනෙක්නේ. මගේ අයියා නිසා තමයි දේශපාලනයට එන්නේ. මම දේශපාලනයට ආවෙත් විශේෂයෙන් නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ ජනතාව නිසා. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂය හින්ඳා. මේ පක්‍ෂයට අපි හරි ආදරෙයි. මට මතකයි මං පොඩිම කාලයේ අපිට හු`ගක් ලොරි තිබුණා. ඒ හැම ලොරියක්ම කොල පාටයි. එතකොට මට අවුරුදු 8 ක් විතර ඇති. මම මගේ තාත්තගෙන් ඇහුවා ඇයි තාත්තේ ලොරි හැම එකේම කොල පාට ගාලා තියෙන්නේ කියලා එතකොට තාත්තා මට කිව්වා දරුවෝ අපි ඞී. එස්. සේනානායක මහත්තයාගේ මිනිස්සු කියලා. පස්සේ තාත්තා මට ඞී. එස්. මහත්මයා අම්මගෙයි තාත්තගෙයි විවාහ උත්සවයට ගෝල්පේස් හෝටලයේදී අත්සන් කරන පිංතූරයක් පෙන්නුවා.
-දිවයින.
Wednesday, December 25, 2019
"ගෝඨාභය - සජිත් සුසංයෝගයෙන් රට ඉදිරියට ගෙනියන්න එජාපය සුදානමි." - පා.ම තලතා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment