වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

වව්නියාවේ යුද හමුදා කඳවුරක සෙබලෙකුට බරපතලව පහරදෙයි.. ගිනි අවියත් අතුරුදන්..

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි යුද හමුදා සෙබලෙකුට අද (25) පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහලගත කොට ඇති බවට බෝගස්වැව පොලීසිය පවසයි.

අදාල යුදහමුදා සෙබලා යුදහමුදා මුරපොළෙ සිට සේවා මුරය අවසන් වී කඳවුරට එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් සැඟව සිට හමුදා සෙබලාට පහරදී ඇති අතර ඔහු සතුව තිබී ගිනිඅවියද අතුරුදහන් වී ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

යුද හමුදා සෙබලාගේ ගෙල ප්‍රදේශයේ දැඩි කැපුම් තුවාල ඇති වීම හේතුවෙන් උදව් ඉල්ලා කෑගැසීමටද නොහැකි වී ඇති අතර මුරකුටිය වෙතට තවත් යුද හමුදා සෙබලෙකු යමින් සිටියදී බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා දැක ඇත.

පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යුද හමුදා සෙබලා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර යුද හමුදා රෝහල වෙතට යවා ඇති බවට වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad