හිරේ ගිය චම්පික, සජිත් පෙරලාගෙන ඉදිරියට එයි.. එජාප මීලග නායකත්වය චම්පිකට යෝජනා වේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 25, 2019

හිරේ ගිය චම්පික, සජිත් පෙරලාගෙන ඉදිරියට එයි.. එජාප මීලග නායකත්වය චම්පිකට යෝජනා වේ..

හිටපු ඇමති චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇප මත නිදහස් කිරීමෙන් පසු එක්සත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු උද්දාමයට පත්ව සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා ලෙස චම්පික රණවක මහතා සුදුසු බව ඔවුන්ගෙන් කොටසක් සඳහන් කර ඇත.

සිංහල බෞද්ධ නායකයෙකු මෙන්ම උගත් බුද්ධිමත් පුද්ගලයෙකු ලෙස ද චම්පික රණවක පක්ෂ නායකත්ව සුදුසුකම් ඇති බව ඔවුන්ගේ අදහස වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට වඩා බොහෝ සුදුසුකම් සහිත නිසා චම්පික රණවක දකුණේ සමාජය තුළ තහවුරු කළ හැකි යැයි ඔවුන් සාකච්ඡා කරමින් සිටියි.

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමගින්ද මේ ගැන සාකච්චා කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad