රාජගිරිය අනතුරේ චම්පිකගේ රියදුරු අධිකරණයට බාර වේ.. රිමාන්ඩ් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

රාජගිරිය අනතුරේ චම්පිකගේ රියදුරු අධිකරණයට බාර වේ.. රිමාන්ඩ් කෙරේ !

හිටපු ඇමති චම්පික රණවකට චෝදනා එල්ල වන 2016 වසරේ රාජගිරියේ සිදු වූ රිය අනතුරේ දී අදාළ වාහනය පැදවූ බව පවසමින් පොලිසියට බාරවූ රියදුරු තුසිත කුමාර නමැත්තා අධිකරණයට භාර වී තිබේ.

ඒ අනුව අධිකරණය විසින් ඔහු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම කාලය තුලදී ඔහුගේ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

දැනට හෙළි වී ඇති කරුණු අනුව රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ අනතුර සිදුවූ දිනයේ හිටපු ඇමතිවරයාගේ සහ රියදුරාගේ දුරකථන සංඥා සහ අදාල අනතුර වූ ස්තානය ගැලබෙන බවත් රියදුරුගේ දුරකතන සංඥා නොගැලපෙන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad