ඡන්දෙන් පස්සේ මම දේශපාලනයෙන් සමුගන්නවා - රනිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

ඡන්දෙන් පස්සේ මම දේශපාලනයෙන් සමුගන්නවා - රනිල්

බන මහ මැතිවරණයෙන් පසුව 43 වසරක සිය දේශපාලන දිවියට සමුදීමට තමන් සූදානමින් සිටින බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කොළඹ මාලිගාකන්දේ මහබෝධි විහාරස්ථානයේ විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන් බැහැදැක පිටත්වී යන අවස්ථාවේ මාධ්‍යවේදියකු කළ විමසීමකදී වික්‍රමසිංහ මහතාමේ බව පැවැසුවේය.

එජාපය මහ මැතිවරණයට පෙරමුණක් ලෙස ඉදිරිපත් වන බවත් තමා එම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන නමුත් මැතිවරණයට තරග කිරීමට මේ වනතෙක් තීරණයක් ගෙන නැති බවත් ඇතැම් විට තමා තරග නොකිරීමට ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතා කීය.

වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක යෙදී සිටින අතර ලබන 28 වැනිදා ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad