හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 2, 2019

හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් රිමාන්ඩ්


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුව අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කළ බවයි.

මෙම විමර්ශනයට අදාළව පොලීස් නිලධාරීන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් පරීක්ෂණ අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා කල් ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 17 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට  නියම කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad