පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 2, 2019

පාස්කු ප‍්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට ගත් උත්සාහයක් ගැන අනාවරණයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති ජනාධිපති කොමිසමේ සාමාජිකයින් හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මෙතෙක් කළ විමර්ශන පිළිබඳ පැහැදිලි කර තිබෙනවා.

මෙම හමුවේදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ප‍්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවයි. ඒ බව වසන් කිරීම සඳහා ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛණ සකසා ඇති බවට සැකයක් මතුවන බවද සභාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත්තේ ප‍්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම අවශ්‍ය බවයි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අභිලාෂයද එය බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. ප‍්‍රහාරය පිළිබද සියළු තොරතුරු අනාවරණය කිරීම මෙන්ම මෙවැනි ප‍්‍රහාරයක් නැවත සිදුනොවීමට ගතයුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආරක්‍ෂක යාන්ත‍්‍රණය බිඳ වැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළිකර ගතයුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.


No comments:

Post a Comment

Post Bottom Ad