ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන්ගේ වැටුප් නැවතත් ඉහළට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 26, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන්ගේ වැටුප් නැවතත් ඉහළට !

ලඹෙන ජනවාරි මස සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිළධාරීන් කිහිපදෙනෙකුගේ වැටුප් යළිත් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

මේ අනුව ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා, හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න හා පරිපාලන කටයුතු ප්‍රධානී අරුණ ද සිල්වාගේ වැටුප මෙලෙසින් වැඩි කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී තිබෙනවා. වසරක කාලයක් ඇතුළත ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප වැඩි කළ දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය කාලයේ ඔහුගේ වැටුප සියයට 35කින් වැඩි කිරීමට පියවර ගෙන තිබුණු අතර එම කාලය තුළම ඔහුට ක්‍රිකට් ආයතනයෙන් නව මෝටර් රථයක් ඇතුළු වෙනත් පහසුකම් රාශියක් ලබා දී තිබෙනවා.

මෙවර ඔහුගේ වැටුප රුපියල් ලක්ෂ තුනකින් වැඩි කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad