බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

බලය බෙදන්න සහාය වන්නැයි විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය අගමැතිට ලියයි

කීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ක්‍රමයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට පෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට මැදිහත් වන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මහතා එංගලන්තයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

එංගලන්තයේ නව අගමැතිවරයාට සුබ පැතුමක්ද එක් කරමින් ලිපියක් ලියා ඇති විග්නේශ්වරන් මහතා එහි සඳහන් කර ඇත්තේ එංගලන්තයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා සිටි අවධියේදී තමන් ඔහු සමඟ මේ පෙඩරල් පාලන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. 1833 වසරේ සිට ශ්‍රී ලංකාවේ සිටින දෙමළ වැසියන්ට ප්‍රධාන ජාතිය සමඟ සෑම දෙයක්ම ලබා ගනීමට යෑමේදී යුද වැදීමට සිදුව ඇති නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව කෙරෙහි මේ අවස්ථාවේදී එංගලන්තයේ අවධානය යොමු විය යුතු බවද විග්නේස්වරන් මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad