සහල් හිඟය පිටුපස ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක් - හඳුන්නෙත්ති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 24, 2019

සහල් හිඟය පිටුපස ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක් - හඳුන්නෙත්ති

හල් හිඟයක් රට තුළ නොමැති බවත්, සහල් හිඟය පිටුපස ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනකු සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. මේ වන විට උතුරු මැද පළාතේ තෙල් ටැංකිවලටත් වඩා විශාල සහල් ගබඩා පවතින බවත්, රටේ සහල් මාෆියාව නිර්මාණය කර තිබෙන ඉහළම තැන් දෙක කවුරුන් ද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාගේ වගකීම බවත් මන්තී‍්‍රවරයා කීවේය.


නඩු දානවා නම් මේ මාෆියාව පිටුපස විශාල පිරිසක් නොමැති බවත්, ඉන්න ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනා කවුරුන්ද යන්න කඬේකට ගිහින් දැනගත හැකි බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

සිල්ලර වෙළෙඳුන්ට දඩ නියම කිරීමෙන් සහල් මාෆියාව නතර කළ නොහැකි බවත්, සිදුව තිබෙන අලාභය අයකර ගත හැක්කේ ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad